භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවෙකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව අමෙරිකානු ඩොලර් මිලියන 1,000ක් විදේශගත කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු සහ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක කළමනාකරුවෙකු ඇතුළු බැංකු නිලධාරීන් සිව්දෙනා ලබන 3 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළා.
තවද මෙම සිද්ධියට අදාළ බැංකු නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ අණ පනත් ප්‍රකාරව සාක්ෂි සම්පිණ්ඩන වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.
මෙම නඩුවේ ප්‍රධාන සැකකාර ජෙෆ්රි මොහොමඩ් නමැති අය විසින් පුද්ගලයින් අට දෙනෙකුගේ නම් භාවිත කර ස්ථාපිත කළ ව්‍යාජ සමාගම් 36 හරහා අවස්ථා 199කදී (ටෙලි ග්‍රැෆික් ට්‍රාන්සර්) අමෙරිකානු ඩොලර් බිලියන එකකට අධික මුදලක් විදේශගත කර බැංකුවට හා රජයට පාඩු කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා සඳහන් කර සිටියේ මෙය මෙරට මහා මූල්‍යමය අපරාධයක කොටස්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවක් බවයි.
තමන් සේවය කරන බැංකුවේ විශ්වාසය කඩ කරමින් රටට මහා පරිමාණ වංචාවක් සිදු කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සංකීර්ණ හා සංවේදී පරීක්ෂණයක් සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියා.
තවද මෙම බැංකු නිලධාරීන් සිව්දෙනා සිද්ධියට අදාළ පළමු වැනි සැකකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අල්ලස් කොමිසමට බාර දීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.
තවද මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සම්බන්ධ බවත්, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත්, විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.
තවද මෙම සිද්ධියට අදාළ පළමු වැනි සැකකරුට මත්ද්‍රව්‍ය පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය පනත යටතේ කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත්, එම සැකකරු විසින් ලක්ෂ 65කට අධික මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම් ඔස්සේ උපයා ගෙන බැංකු ගත කර ඇති බවත්, විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යමින් පළමු වැනි සැකකරු මෙලෙස මුදල් වංචා කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වූවා.
සැකකරුවන් ගනුදෙනු කර ඇත්තේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක කොටස්කරුවකු වන ජෙෆ්රි මොහොමඩ් නමැති අධි චෝදනා ලැබූවෙකු සමග බවද එම ජාවාරම්කරු සමග සම්බන්ධ වී ඇති සැකකරුවන් සෑම සිකුරාදා දිනකම එම ජාවාරම්කරු හමු වී ප්රතිලාභ ලබාගැනීම හා පුද්ගලික ගිණුම් විවෘත කර ලක්ෂ තුන බැගින් මුදල් තැන්පත් කරගෙන ඇති බැවින් අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවද පවසා සිටියා.

Latest News
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
Local
28 August 2026
සෙව්වන්දිගෙන් කට උත්තර ගන්න CCDය අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයට යන්න අධිකරණයෙන් අවසර පතයි
Local
28 August 2026
කොළඹ රජ කරන මීයෝ......
Local
28 August 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුවේ විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා
Local
28 August 2026
මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
Local
28 August 2026
ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්
Local
28 August 2026
නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි
Local
28 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026