යම් නීතියක් සකස් කිරීමේදී එයට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ප්රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්‍යවහාරයක් පැවතිය යුතු බවත් නමුත් නීති සම්පාදනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම ව්‍යවහාරයන් පැත්තකට දමා තනිකරම ඒකාධිපති උද්ධච්ච නීති සම්පාදන ව්‍යවහාරයක් බවට පත්වෙමින් පවතින බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසනවා.
කොළඹ 7, මල් පාරේ පිහිටි ඒකාබද්ධ විපක්ෂ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.
''යම් නීතියක් සකස් කිරීමේ දී එයට අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ප්රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්‍යවහාරයක් පැවතිය යුතුයි. නමුත්, නීති සම්පාදනයේ දී ලංකාවේ ක්‍රියාත්මක වන සියළුම ව්‍යවහාරයන් පැත්තකට දාලා, තනිකරම ඒකාධිපති - උද්ධච්ච ' නීති සම්පාදන ව්‍යවහාරයක්' බවට පත්වෙමින් තියෙනවා.
ආණ්ඩුව මේ ඒකාධිපති - උද්ධච්ච ප්‍රවේශය ලබාගෙන තියෙන්නේ රටේ ආර්ථිකය දවසින් දවස විනාශ මුඛයට යමින් ජනතාවගේ ආර්ථිකයට බලපෑම් කරන නිසයි.
2026 පෙබරවාරි (1.6%) ක් වු උද්ධමනය ජුලි මස වන විට 7.3% දක්වා 5.7% කින් වැඩිවෙලා.වසරේ පළමු මාස 6 තුළ වෙළඳ හිඟය ඩො.බි. 5.5 ක් ලෙස වර්ධනය වෙලා.
මැයි මාසය අවසානයේ අය වැය අතිරික්තය රු.බි. 197.3 ක් වුණා. 2026 ජුනි අවසානය වන විට අයවැය අතිරික්තය රු.බි. 9.5 දක්වා අඩුවෙලා තියෙනවා.
2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත 2026 ජුලි අග වන විට ඩො.මි. 6,519 දක්වා පහත වැටී තිබේ. 2024 නොවැම්බර් මස රු.බිලියන 28,240.22 ක් වූ මධ්‍යම රජයේ නොපිය වූ ණය ප්‍රමාණය, 2026 මාර්තු වන විට රු. බිලියන 30,193.18 දක්වා රු. බිලියන 1,952.96 කින් වැඩි වෙලා තියෙනවා.
ආණ්ඩුව මේ සතියේ අලුත් නීති තුනක් පාර්ලිමේන්තුවට ගෙනාවා.22 ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත, දුෂණ විරෝධී පනත සංශෝධනය කියන නීති තුනම පාර්ලිමේන්තුවේ කිසිම කමිටුවක සාකච්ඡා කරලා නෑ. ආණ්ඩුව පැත්තෙන් කිසිම සාකච්ඡාවක් සම්මන්ත්‍රණයක් තියලා නෑ. මේ විෂයයන් ගැන විශේෂඥ දැනුමක් තියෙන උගත් බුද්ධිමත් පිරිසක් එක්ක කතා කරලා නෑ. සිවිල් සංවිධාන එක්ක කතා කරලා නෑ.
මේ ව්‍යවහාරය තනිකරම ඒකාධිපති - උද්ධච්ඡ ' වැඩක්. තමන්ට හිතෙන හිතෙන දේ කරනවා. තමන්ට හිතෙන හිතෙන නීති සම්පාදනය කරනවා. තුනෙන් දෙකක් තියෙන නිසා ඒවා සම්මත කර ගන්න පුළුවන් කියලා හිතලා තනිකරම වියරු ඒකාධිපති ගමනක් යනවා.
අද නැවතවරක් පාර්ලිමේන්තුව කියන රටේ ව්‍යවස්ථාදායක බලය හිමි ආයතනය විධායක ජනාධිපතිවරයාගේ ඩබල් පොකට් සාක්කුවට වැටිලා තියෙන්නේ. ඩබල් පොකට් කමිසයේ අනික් සාක්කුවට 'අධිකරණය දමා ගැනීම තමයි මේ කරන්නේ.
22 ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණ සංවිධාන පනත සහ දූෂණ විරෝධී පනතේ සංශෝධන හරහා කරන්නේ අධිකරණය සාක්කුවට දමා ගැනීම.''

Latest News
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026