General20 August 2026

ශෂී වීරවංශ, පෙර ඇප මත මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග

අවිධිමත් විදේශ ගමන් ලබා ගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ, පෙර ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුවට අදාල තීන්දුව කියවාදීම සඳහා අදාල නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවනු ලැබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ ද අධිකරණයේ පෙනී සිට ඇති අතර, ඉන් අනතුරුව මෙම නඩුව යළි සැප්තැම්බර් 27 වනදා කැඳවීමටත් නියම කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes