ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය නුගේගොඩ නාවල පාරේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා.
1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා.
එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා.
පසුව 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළා.
ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, 'සත්‍යයේ ගීතය', 'පවන', 'හේමන්තයේදී', 'පෙම්බර ලංකා' වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගණනාවක් රටට දායාද කළ අතර, කුඩා දරුවන් වෙනුවෙන් "සින්දු හෝඩිය" ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තා.
ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍යය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.
ඇගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පවුලේ ඥාතීන් විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

Latest News
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026