ඉන්දියානු ආයතනික ක්ෂේත්රය ජූනි මාසයෙන් අවසන් වූ කාර්තුවේදී අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි තැරැව්කාර සමාගම් පහක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී නිෆ්ටි 50 (Nifty 50) සමාගම්වල ලාභ වර්ධනය සාමාන්‍යයෙන් 18% ක් වැනි වසර 2 ½ කට (කාර්තු 10 කට) පසු වාර්තා වූ ඉහළම අගය වාර්තා කර ඇති බව සඳහන්.
විශාල, මධ්‍යම සහ සුළු පරිමාණයේ සමාගම් රැසක්ම ආදායම් සහ ලාභ වර්ධනය අතින් සාර්ථකත්වයක් අත්කරගෙන ඇති අතර, 'මෝටිලාල් ඕස්වාල්' ආයතනය මෙම කාර්තුව හඳුන්වා දී ඇත්තේ ඉතාමත් සාර්ථක කාලපරිච්ඡේදයක් ලෙසයි.
කෙසේ වෙතත්, මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ තෙල් අලෙවි කරන සමාගම්වල කාර්යසාධනය පහත බැස තිබෙනවා.
ක්ෂේත්‍ර 19 ක් අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇති අතර, මූල්‍ය වර්ගීකරණයන් ඉහළ නැංවීමේ අනුපාතය ද වර්ධනය වී තිබෙනවා.
ඒ අනුව, ඉදිරි මුදල් වර්ෂය සඳහා ආයතනික ලාභ පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි බව මෝටිලාල් ඕස්වාල් ආයතනය වැඩිදුරටත් පවසනවා.
එළඹෙන උත්සව සමයේ ඉල්ලුම, ණය ව්‍යාප්තිය සහ ආයෝජන කටයුතු ඉහළ යාම 2027 මුදල් වර්ෂයේ ලාභදායීතාවයට ප්‍රබල රුකුලක් වනු ඇතැයි අනුමාන කෙරෙනවා.
ජෙෆ්රීස් ආයතනයට අනුව, ණය නිකුත් කිරීමේ වේගවත් වර්ධනය සහ අඩු පිරිවැය හේතුවෙන් බැංකු සහ මූල්‍ය ක්ෂේත්රය ඉහළ ප්රතිලාභ ලබා තිබෙනවා.
එමෙන්ම, ලෝහ, සිල්ලර වෙළඳාම, රත්රන් බඩු, තීන්ත සහ පාරිභෝගික භාණ්ඩ අංශවල ද දැඩි ඉල්ලුමක් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත්, තෙල් අලෙවි සමාගම් පළමු කාර්තුවේදී දැඩි අලාභයක් වාර්තා කර ඇති අතර, බොරතෙල් මිල ඉහළ යාම සහ නෞකා ගාස්තු ඉහළ යාම ඊට හේතු වී තිබෙනවා.
මීට අමතරව, ලෝහ, අමුද්‍රව්‍ය, ප්‍රවාහන සහ වේතන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වාහන නිෂ්පාදනය, පාරිභෝගික භාණ්ඩ සහ සැපයුම් සේවා වැනි ක්ෂේත්‍ර කිහිපයක ලාභදායීතාවයට යම් බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026
රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතිනවා - මහ බැංකු අධිපති
Local
26 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026
නේපාල ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් වූ බවට වාර්තා වී නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා සුබසාධන ඒකාබද්ධ යාන්ත්‍රණය වව්නියාවටත්
Local
26 August 2026
ඉන්දු - ශ්‍රී ලංකා 2වැනි ටෙස්ට් තරගයේ 4 වැනි දිනය නිමාවෙයි
Local
26 August 2026
කෙහෙල්බද්දර පද්මේ බූස්ස බන්ධනාගාරයට
Local
26 August 2026