General20 August 2026

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න – ජනාධිපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත්, මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවතත් අදාළ පාර්ශ්වයන් වෙත නිදහස් කිරීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

මෙහිදී ජාතික ආරක්ෂාවේ ඇති වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල කාර්යභාරය බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ මත පදනම්ව නිදහස් කළ හැකි සහ නිදහස් කළ නොහැකි ඉඩම් පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන ලෙසද ජනපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes