General21 August 2026

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණු පුද්ගලික ඔසුහලක හිමිකරුවකුට ලක්ෂයක දඩයක්

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණීමට ප්‍රදර්ශනය කිරිමේ වරදට අධිකරණයේදී වරද පිළිගත් පෞද්ගලික ඔසුහලක හිමිකරුවකුට ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න  නියම කළා.

සිද්ධියට අදාලව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියළු නිෂ්පාදකයින්, ආනයන කරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හා වෙළෙඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුලදී විකිණීමට නුසුදුසු /අයෝග්‍ය බවට හෝ කල් ඉකුත් වූ බවට / මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ කිසිදු ආකාරයකින් හෝ විකිණීමට ඉදිරිපත් කරනු ලබන හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව හෝ එකට යාව හෝ තැබීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු බවට දක්වා තිබෙන බවයි.


එසේ තිබියදී මෙම අධිකරණ බල සීමාව තුළ පිහිටි ලයිෆ් ෆාමසි යන වෙළෙඳ ආයතනයේද දී විකිණීම සඳහා ඉදිරිපත් කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමඟ කල් ඉකුත් වීමේ දිනය 2026.02.01 ලෙස තිබූ Capral Lac Gold 400g Vanila Flovour කිරිපිටි ඇසුරුම් 02ක් ගබඩා කර තැබීම සිදු කිරිම යටතේ මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කළ බවයි.
Related recommendation
Hiru TV News | Programmes