General21 August 2026

පියසේන ගමගේට එරෙහිව පනවා ඇති නඩුවක් නොවැම්බර් 20 වැනිදා යළි කැඳවයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින හිටපු නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය පියසේන ගමගේට එරෙහිව අල්ලස් කොමිස විසින් පවරා ඇති නඩුවට අදාලව විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(21) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව නොවැම්බර් 20 වන දින කැඳවිමට ද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු විවෘත අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහාරව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස බලතල අයුතු ලෙස භාවිතා කරමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයන් 134 ක් බදවා ගෙන දූෂණය නමැති වරද සිදු කිරීම හේතුවෙන් සැකකරුට චෝදනා ගොනුකර තිබෙන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුයේ.
Related recommendation
Hiru TV News | Programmes