General21 August 2026

කෙහෙළිය ඇතුලු සැකකරුවන් දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වැනිදා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති සුමිත් ප්‍රසාද් රණසිංහට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.

සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාල පළමු වැනි සැකකරු වන සුමිත් ප්‍රසාද් රණසිංහ විවෘත අධිකරණයේ පෙනී සිටි අතර දෙවන සැකකරු වන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විවෘත අධිකරණයේ පෙනී සිටියේ නොමැති අතර ඒ සම්බන්ධයෙන් නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූවා.

දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මහාධිකරණයේ විභාග වන නඩුවකට හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ වන වනවිට සහභාගිව ඇති බවයි.

සිද්ධියට අදාල තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් ඉදිරි විමර්ශන දිනයක් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

රටේ වැදගත් පුරාවස්තුවක් වන සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාලව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා භූමියෙහි පිහිටි මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් පියගැටපෙළ අඩංගු ඓතිහාසික පුරාවස්තු වටිනාකමකින් යුතු සඳගල නම් පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ.

Related recommendation
Hiru TV News | Programmes