මෙරට කලා ක්ෂේත්රයට කීර්තිමත් සේවාවක් ඉටු කළ අද දින දැයෙන් සමුගන්නා ප්‍රවීන ගායන ශිල්පිනි නන්දා මාලිනී ගෞරවනීය කලාකාරිනියක් බවත්, මානව හිතවාදීත්වයෙන් යුක්තව තරුණයන් තාරුණ්‍ය වෙනුවෙන් දුක්කම්කටොලු අභියෝග ගැන මානව හිතවාදීව සිතා බලා පැකිලීමකින් තොරව සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඇය නැගී සිටි බවත්, අභීත නායිකාවක් ලෙස නන්දා මාලිනී මහත්මිය හැඳින්විය හැකි බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඇය විශ්වාස කළ දේශපාලන මතවාදයක් ලෙස වාමාංශික දේශපාලනය පිළිගත් බවත්, ඒ වමට බර දේශපාලන සංකල්ප සේම දක්ෂිණාංශික සංකල්පවලද හොඳ ලක්ෂණ ඇති නිසා ඒ සියලු හොඳ ලක්ෂණ ගොනු කර මැද මාවතේ සමගි ජන බලවේගය යන බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, සමගි ජන බලවේගය විසින් බුදු සසුනේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක සසුනට අරුණක් වැඩසටහන යටතේ පොළොන්නරුව ඇලැහැර අත්තනකඩවල ශ්‍රී පුන්‍යවර්ධනාරාම ප්‍රභාෂ්වර බුද්ධගයා මහා විහාරස්ථානයේ ඉදිවන විශාලතම භූමි ස්පර්ශ සියක් රියන් සමාධි ප්‍රතිමා වහන්සේගේ තීන්ත ආලේපනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 18ක් වටිනා තීන්ත ලබා දීමේ අවස්ථාව හා අද (22) එක්වෙමින්.
එසේම නන්දා මාලිනී මහත්මිය සිය ගීත තුළින් මානව සම්පත ශක්තිමත් කර මිනිස් ජීවිත සුරක්ෂිත කළ බවත්, එවන් ගායිකාවක් නැවත බිහි නොවන බවත්, ඇය කුමන මතයක් දැරුවත් ඒ මතවල ඇති වැදගත්කම හඳුනාගෙන කලා හා සංගීත ක්ෂේත්රයට සේම හඬක් නැති ජනතාවට ඇය හඬක් වී තරුණයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිම ගරු කොට අගය කොට සැලකිය යුතු බවත්, ඔහු පවසනවා.
අද මේ කරන ලක්ෂ 18ක තීන්ත පරිත්‍යාගයෙන් යම් පිනක් ඇත්නම් ඒ පින ද ඇයට අනුමෝදම් වේවා කියා ප්‍රාර්ථනා කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
එමෙන්ම ගොවි ජනතාව ගැන කතා කරන විට සමගි ජන බලවේගය පුනපුනාම ගොවි ජනතාව හා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවත්, රජය මැතිවරණ සමයේ ගොවි ජනතාව වෙනුවෙන් කරනවා කියු දේවල් අදටත් මතක් කරන්නේ සමගි ජන බලවේගය බවත්, හෙතෙම පැවසුවා.
අද වන විට රජය ගොවිජනතාවට පොරොන්දු වුණු කිසි දෙයක් ඉටු කර නැති බවත් වී කිලෝවට රුපියල් 150ක් දෙනවා කියා ගොයම් කකා කිව්වත් අද දෙන්නේ රුපියල් 120ක සහතික මිල බවත්, වී කිලෝවක් නිෂ්පාදනයට රුපියල් 137ක් වැය වුවත් හිතාමතාව ගොවියාට වී කිලෝවකින් රුපියල් 17ක් පාඩු කර ඇති බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.
අමුලික බොරු කිය කියා ගොවි ජනතාව රැවටු බවත්. ඡන්දය ගන්න කියපු දේවල් ඉටු කළ යුතු බවත්, කයිවාරුව පසෙකලා වී ගොවියාට කරනවා කිව්ව දේවල් කළ යුතු බවත්, ඔහු පැවසුවා.
එසේම ලක්ෂ 21ගොවි පවුල් 2019ත් 2024ත් රැවටුණු බවත්, දැන්වත් නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිට ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ගොවි අයිතිය වෙනුවෙන් හඬ නගන්න ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව මහපාරට බහින ලෙස ඉල්ලා සිටින බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.
ගොවි ජනතාවට සාධාරණයක් කරන ගොවි ජන ප්රඥප්තියක් සමගි ජන බලවේගය එළි දක්වා ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ගොවි ජනතාව රැකගන්න කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් සහන සලසන්න වෙන් කළ රුපියල් මිලියන 7,500 ප්‍රමාණවත් නොමැති බවත්, බොහෝ මෝල් හිමියන් අසාධු ලේඛනගත වී ඇති බවත්, මොවුන්ට වෙන් කළ මුදල් ප්‍රමාණවත් නැති බවත්, දැන්වත් ගොවියා වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන ලෙස යෝජනා කරන බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.
ඉදිරියේ දී ඇති විය හැකි තවත් බරපතළ තත්ත්වයක් ගැන ජනතාව දැනුවත් විය යුතු බවත්, ජාත්‍යන්තර කාලගුණ වාර්තාවට අනුව එල්නීනෝ ලානීනා තත්ත්වය ඉතිහාසයේ වෙන කිසිදු දවසක ක්‍රියාත්මක නොවූ ආකාරයට කාලගුණ දේශගුණික තත්ත්වයක් විය හැකි බවට අනාවැකි පළ කර ඇති බවත්, අප රටේ කාලගුණ ක්ෂේත්රයේ විශේෂඥයන් ද මේ තත්ත්වය බරපතළ ලෙස ක්‍රියාත්මක විය හැකි බවට ද අනතුර අඟවා ඇති බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
මෙරට දසලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කම නැතිබැරිකම නිසා ණයබරතාව නිසා දැවැන්ත සාගින්නකට මුහුණ දිය හැකි බවට ද ජාත්‍යන්තර ආයතනයක් අනතුරු අඟවා ඇති බවත්, එල්නීනෝ ලානීනා තත්ත්වය තුළ රටේ ජනතාවට සෘණාත්මක අගතිගාමි බලපැමක් විය හැකි බවට අනතුරු අඟවා ඇති නිසා රජයට එය මගහැර යා නොහැකි බවත්, විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.
එසේම රජයත් සමග එකට එකතු වී සිවිල් ප්‍රජාව පුරවැසියන් එකට මුහුණ දෙන වැඩපිළිවෙළ ඒකාබද්ධව සැලසුමක් ලෙස කටයුතු කළ යුතු බවත්, පක්ෂ දේශපාලනයට වඩා මිනිස් ජීවිත වැදගත් බවත්, ඔහු පැවසුවා.
වාරි, කෘෂිකර්ම මහවැලි සෞඛ්‍ය අධ්‍යාපන ඇතුළු සියලු ආයතන එකට එකතු කර සම්බන්ධීකරණය කර මේ භයංකාර තත්ත්වයට මුහුණ දිය යුතු බවත්, මේ සඳහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය අතර, දේශගුණික විපර්යාස පාර්ලිමේන්තු සංසදය මේ ගැන විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ආරම්භ කිරීමට ජනපතිගෙන් උපදෙස්
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්
Local
30 August 2026
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
Local
30 August 2026