මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලට මායිම්ව පිහිටි මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෙහෙඩීයන්ගල දියවර ගම්මානයේ ජනතාව මේ දිනවල දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටින බව අප වාර්තාකරු සඳහන් කරනවා.
මේ සදහා කිසිදු බලධාරියෙකුගේ අවධානයක් යොමු වී නැති බවත් කිසිවකුට හෝ හැකියාවක් ඇත්නම් තමන්ට ඇති එකම ජල මූලාශ්‍රයට පිරිසිදු ජල පිරිපහදු ඒකකයක් සවිකර දෙන ලෙස ඔවුහු ආයාචනා කර සිටිනවා.
පවුල් 450ක් පන්සියයක් පමණ පිරිසක් ජීවත් වන මෙම ගම්මානයේ ජනතාවට වසර කිහිපයකට ඉහතදී ස්වේච්ඡා සංවිධානයකින් නළ ජල සහිත ටැංකියක් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, එහි ජලය සමඟ ගල්කුඩු පැමිණීම නිසා ඒවා පානය කිරීමට නොහැකි තත්ත්වයෙන් පසුවන බව ද ගම්වැසියෝ පෙන්වා දෙනවා.
ඒ අනුව ඔවුන් තමන්ගේ නිවෙස් ආසන්නයේ ලිං කපාගෙන ජලය පානය කිරීමට පුරුදු වී සිටියද, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ලිං සියල්ල මේ වන විට සිඳී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
යතුරුපැදි හා වාහන ඇති පිරිස් කිලෝමීටර් 5ත් 7ත් අතර දුරක් ගෙවා වෙනත් ගම්මානවල ඇති ජල පිරිපහදුවලින් ජලය මිලදී ගෙන පානය කරන නමුත්, ගමන් කිරීමට පහසුකම් හෝ අතමිට මුදල් නොමැති අය ගල්කුඩු සහිත අපිරිසිදු ජලයම පානය කිරීමට පෙළඹී සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන්ම ගම්මානයේ ලොකු කුඩා බොහෝ දෙනකු මේ වන විටත් වකුගඩු රෝගයට ගොදුරු වී ඇතැයිද එම ගම්වැසියෝ පෙන්වා දෙනවා.
මීට අමතරව, ගමන් කිරීමට නිසි මාර්ගයක් හෝ ආහාර සොයා ගැනීමට නිසි මගක් නොමැතිව අහස් දියෙන් ජීවත් වන මෙම ජනතාව පවතින වියළි කාලගුණය නිසා දැඩි ආහාර හිඟයකටද මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ.
ගහකොළ සියල්ල වියළී ගොස් ඇති අතර, ජලය නොමැතිවීම හේතුවෙන් සතා සිවුපාවාද දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි ලෙහෙඩීයන්ගල ජනතාව පවසනවා.
එබැවින්, මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කොට තමන්ට පානීය ජල පිරිපහදු ව්‍යාපෘතියක් සවිකර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
Latest News
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදාහැරෙයි
Local
10 September 2026
රොකට් සහ ගොඩබිම් ප්‍රහාරයකින් පසු දකුණු රතු මුහුදේ සුකාර් දූපත, හූති කැරළිකරුවන් අත්පත් කර ගනී
Local
10 September 2026
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට ඇප: අධිකරණයෙන් දැඩි අවවාද
Local
10 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යැවූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Local
10 September 2026