අම්පාර පන්තල්ගම W25/A වසමේ ග්‍රාම නිලධාරිනියට අන්තර්ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් රණවිරු සංගමයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි ලබන අනිද්දා (25) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් පුෂ්පරාජා ආනන්ද වදනි නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පන්තල්ගම W25/A වසමේ ග්‍රාම නිලධාරිනිය ඉකුත් (11) වැනිදා කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බවයි දමන පොලිසිය අධිකරණයට දැනුම්දී තිබෙන්නේ.
වසර 10 කට වැඩි කාලයක් ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් ලිපිනයේ අදාල පුද්ගලයා තමන්ගේ ස්ථිර පදිංචිය ඇති නිවසෙහි වාසය කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන්, සාමාන්‍ය රාජකාරී සිදු කිරීමේදී මතුවන ගැටලුකාරී තත්ත්වයන් මත, ඡන්ද නාම ලේඛනය ප්‍රතිශෝධනය කරන අවස්ථාවේදී මෙම පුද්ගලයාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කිරීම සුදුසු බවට යෝජනා කරමින් පැමිණිලිකාර නිලධාරිනිය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා ඇති බවයි වාර්තා වනේනේ.
මේ හේතුවෙන් තමන් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කර ඇති බවට ඇති කර ගෙන ඇති වැරදි අවබෝධය මත, සැකකරු විසින් ග්‍රාම නිලධාරිනියට අන්තර්ජාලය හරහා අවස්ථා කිහිපයකදීම අපහාස වන ආකාරයෙන් ලිපි පළ කර අසභ්‍ය ලෙස බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව මේ පිළිබඳව මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනිය අම්පාර කොට්ඨාශ භාර කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේට දැනුම් දී ඇති අතර, ඇයගේ උපදෙස් මත දමන පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණා.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අනුව, සැකකරු දමන පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ වරදක් සිදු කිරීම මත අත්අඩංගුවට ගෙන තිබුණා.
අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ නියෝග පරිදි, අම්පාර කොට්ඨාශ භාර වැඩ බලන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජී. විරසිංහගේ මෙහෙයවීමෙන් සහ අම්පාර කොට්ඨාශ 1 වැඩ බලන සහකාර පොලිස් අධිකාරී සුජිව ප්‍රියන්ත බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ, දමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් අලගියවන්න ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Latest News
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව වාර්තාවක්: Pixxel සමාගමට ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජනයක්
Local
11 September 2026
11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ
Local
10 September 2026
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
Local
10 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අ. ඩොලර් 105 ඉක්මවයි
Local
10 September 2026
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026