International23 August 2026

iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී

iPhone ජංගම දුරකථනයක මාසික වාරික ගෙවා ගැනීමට නොහැකිව හටගත් දැඩි මානසික පීඩනය හේතුවෙන් නවගුල්ලියේ පිහිටි යමුනා නදියට පැන්න 30 හැවිරිදි නැටුම් ගුරුවරයෙකු බේරාගැනීමට නවදිල්ලියේ පොලිසිය සහ සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ අග්නිදිග දිල්ලියේ කලින්දි කුන්ජ් ප්‍රදේශයේ භෝලා ඝාට් අසලදී මෙම සිද්ධිය වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ඔක්ලා හි සංජේ කොලනියේ පදිංචිකරුවෙකු වන දීපක් කුමාර් නමැති අදාළ පුද්ගලයා, නැටුම් ගුරුවරයෙකු ලෙස මෙන්ම ගෙවතු වගා කටයුතුවලද නිරත වන්නෙකු බව පොලිසිය පවසනවා.

පසුගිය මාස කිහිපය තුළ සිය ආදායම සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ලබාගෙන තිබූ iPhone දුරකථනයේ මාසික වාරික ගෙවීමට නොහැකිව ඔහු දැඩි ලෙස මානසික පීඩාවට පත්ව සිට තිබෙනවා.

කෙසේවෙතත්, සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ පූර්වාරක්ෂක බෝට්ටු කණ්ඩායම් එක්ව ඔහුව නදියෙන් ගොඩගෙන ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

පසුව අදාළ පුද්ගලයාට අවශ්‍ය උපදේශනය ලබාදීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සහ මස්සිනා කැඳවා නිවස වෙත පිටත් කර හැරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes