iPhone ජංගම දුරකථනයක මාසික වාරික ගෙවා ගැනීමට නොහැකිව හටගත් දැඩි මානසික පීඩනය හේතුවෙන් නවගුල්ලියේ පිහිටි යමුනා නදියට පැන්න 30 හැවිරිදි නැටුම් ගුරුවරයෙකු බේරාගැනීමට නවදිල්ලියේ පොලිසිය සහ සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.
ඊයේ (23) රාත්‍රියේ අග්නිදිග දිල්ලියේ කලින්දි කුන්ජ් ප්‍රදේශයේ භෝලා ඝාට් අසලදී මෙම සිද්ධිය වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ඔක්ලා හි සංජේ කොලනියේ පදිංචිකරුවෙකු වන දීපක් කුමාර් නමැති අදාළ පුද්ගලයා, නැටුම් ගුරුවරයෙකු ලෙස මෙන්ම ගෙවතු වගා කටයුතුවලද නිරත වන්නෙකු බව පොලිසිය පවසනවා.
පසුගිය මාස කිහිපය තුළ සිය ආදායම සීඝ්රයෙන් පහත වැටීම හේතුවෙන් ලබාගෙන තිබූ iPhone දුරකථනයේ මාසික වාරික ගෙවීමට නොහැකිව ඔහු දැඩි ලෙස මානසික පීඩාවට පත්ව සිට තිබෙනවා.
කෙසේවෙතත්, සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ පූර්වාරක්ෂක බෝට්ටු කණ්ඩායම් එක්ව ඔහුව නදියෙන් ගොඩගෙන ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.
පසුව අදාළ පුද්ගලයාට අවශ්‍ය උපදේශනය ලබාදීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සහ මස්සිනා කැඳවා නිවස වෙත පිටත් කර හැරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

Latest News
දෙහිබාලේගේ සොහොයුරා වන කළු මල්ලි ඩුබාහිදී අත්අඩංගුවට
Local
01 September 2026
22ට එරෙහි පෙත්සම්වලට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ලට අදාල ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
Local
01 September 2026
සිවිල් ගුවන් සේවා හිටපු නි. අමාත්‍ය පියංකර ජයරත්නට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
Local
01 September 2026
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබේ
Local
01 September 2026
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි වෙසක් කාඩ් මුද්‍රණ නඩුව කල්යයි
Local
01 September 2026
ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,679 දක්වා ජූලියේදී ඉහළට
Local
01 September 2026
CID අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත් කරයි
Local
01 September 2026
වසර 30කට පසු ටූපැක් ඝාතනයට තීන්දුවක් - කල්ලි නායක ‘කීෆි ඩී’ මිනීමැරුමට වරදකරු වෙයි
Local
01 September 2026
අධි බලැති යතුරුපැදි 4ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට
Local
01 September 2026
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කෙරේ
Local
01 September 2026