පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන මූලික රෝහල් 82ක් තෝරාගෙන, එම රෝහල්වල හදිසි ප්‍රතිකාර හා ප්‍රාථමික සත්කාර ඒකක වැඩිදියුණු කිරීම සඳහා මේ වන විට කටයුතු සිදු කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.
මෙය, ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘතියක් යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල්වල මෙන්ම ප්‍රාථමික සත්කාර ඒකකවල හදිසි ප්‍රතිකාර සේවාවන්හි නිරත කාර්ය මණ්ඩල සඳහා හදිසි සත්කාර සේවා පිළිබඳ එක්දින පුහුණු වැඩසටහනක් ඊයේ (22) හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අවස්ථාවේදී මෙම කරුණු හෙළි වුණා.
තෘතීක සහ ද්විතීයික සත්කාර සේවා සපයන රෝහල් සමඟ ප්‍රාථමික සත්කාර මධ්‍යස්ථානවල හදිසි ප්‍රතිකාර අංශ සම්බන්ධීකරණය කරමින් හදිසි ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම අරමුණු කරගෙන මෙම පුහුණු වැඩසටහන පැවැත්වුණු අතර, එහි සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද එක්වුණා.
පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු සියලු මූලික රෝහල්වල සහ ප්‍රාදේශීය රෝහල්වල ප්‍රාථමික සත්කාර ඒකකවල ප්‍රතිකාර සේවාවන්හි නිරත 180 ක් පමණ වන වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලවල හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධ දැනුම හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන සකස් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
වර්තමානයේ සෞඛ්‍ය ආයතනවල හදිසි ප්‍රතිකාර සේවා ලබාදීමේදී විවිධ ක්‍රමවේදයන් අනුගමනය කිරීම හේතුවෙන් ගැටලු සහ අභියෝග රැසක් මතුව ඇති බවත්, හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් ජනතාවගෙන් විවිධ චෝදනා සහ මැසිවිලි ඉදිරිපත්ව වන තත්ත්වයන් පවතින බවත් මෙහිදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පෙන්වා දුන්නා.
ඒ අනුව, රටේ සියලු සෞඛ්‍ය ආයතන තුළ ප්‍රමිතිගත හා එකම ක්‍රමවේදයකට අනුව හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රතිකාර සේවා ලබාගැනීමට පැමිණෙන සියලු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික්කයේ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ආර්. ප්‍රමිතා ශාන්තිලතා, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක, පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිමුත් පොන්වීර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුහුණු අධ්යක්ෂ වෛද්‍ය සමන්ත ප්‍රභාත් රණසිංහ, පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ලසිත මලලසේකර, මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සඳමාලි කුරේ, මාරවිල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිමන්ත විජේරත්න ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය සහ හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියා.
Latest News
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් ජනපති සහ අගමැතිගෙන් විශේෂ සුබපැතුම් පණිවිඩ
Local
26 August 2026
ජාතික මිලාද්-උන් නබි මහෝත්සවය අදයි
Local
26 August 2026
වරකාපොළ - අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය හදන්න රු. කෝටි 499ක් වෙන් කරයි
Local
26 August 2026
මියයෑමට පෙර OnlyFans හිමිකරුට ඩොලර් මිලියන 700 කට අධික ලාභාංශ මුදලක් ගෙවලා
Local
26 August 2026
ප්‍රකට අමෙරිකානු කන්ට්‍රි ගායිකා ඩොලි පාර්ටන් අභාවප්‍රාප්ත වෙයි
Local
26 August 2026
ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
Local
25 August 2026
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026