මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් කොළොන්නාව නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර
තිබෙනවා.
කොළන්නාව නගර සභාවේ මාලිමාවේ නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙකු මත්ද්‍රව්‍යයත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පසුගියදා සමත්ව තිබුණා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කොළොන්නාව ඇතුළු ඒ අවට ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත්ව තිබුණා.
ඒ අතර සැකකටයුතු පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පරීක්ෂා කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු තවත් අයෙකුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි ඇති බවයි.
ඒ අනුව පොලිසිය එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඔහුව උපායදූතයෙක් ලෙස යොදා ඔහුලවා මත්ද්‍රව්‍ය මිලදී ගන්නා පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දුන්නා.
ඒ අනුව මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයා අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සමග පැමිණ තිබූ අතර එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඔහුවද අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයාගේ නිවස පරික්ෂාවට ලක් කෙරුණු අතර එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සමත් වුණා.
එම සැකකරු පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි නියෝග කෙරුණේ ඔහුව රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසටයි.

Latest News
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
වෙනිසියුලානු තෙල් සංචිත පාලනයට අමෙරිකාවෙන් ඓතිහාසික ගිවිසුමක්
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළට
Local
29 August 2026
බහින්බස්වීම් සහ පැරණි අමනාපකම් දුරදිග ගොස් තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
29 August 2026
අද දහවල් 12.11ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි
Local
29 August 2026
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026