International24 August 2026

හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු

හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් කිරීමට අවසර හිමිවන විදේශීය නෞකාවන්ගෙන්, ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ගාස්තු අය කිරීමට ප්‍රතිපාදන සැලසෙන පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම මගින් අනුමත කර තිබෙනවා.

මේ අතර ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ බවයි ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ.

ඉරානයට එරෙහිව මෙතෙක් පැනවෙන දැඩිම ආර්ථික සම්බාධක මාලාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත පසුබිමක ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය ටෙහෙරානයට එරෙහිව ආර්ථික යුද්ධයකට අවතීර්ණ වීම, ඔවුන් ලැබූ හමුදාමය පරාජය වක්‍රව පිළිගැනීමක් බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක සර්දාර් මොහෙබි සඳහන් කරන්නේ.

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් මාරාන්තික ප්‍රහාර ම්ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ ස්ථාන කිහිපයකට අඛණ්ඩව මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇති අතර, මගාසි (Maghazi) සරණාගත කඳවුර ආසන්නයේ පිහිටි ගබඩාවක් ද මෙම ප්‍රහාරයන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇත.
Related recommendation
Hiru TV News | Programmes