මේ වනවිට ආණ්ඩුවේ ජනප්‍රියතාවය සියයට 15කින් පහත බැස ඇති බවත්, ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙන බවත් සජබ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.
වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.
‘‘ආණ්ඩුවේ ජනප්රියභාවය සියයට 65ක් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් එම තත්ත්වය තිබුණේ දින කිහිපයක් පමණයි. මේ වනවිට ආණ්ඩුවේ ජනප්‍රියතාවය සියයට 15 කින් පහත බැස තිබෙනවා. ඒ වගේම ආර්ථිකය පිළිබඳව ජනතාවගේ මතය සියයට 57 සිට සියයට 38 දක්වා අඩු වී තිබෙනවා. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳව ජනතාව සතුව තිබුණ විශ්වාසය අඩු වී තිබෙනවා. ඒ වගේම ආර්ථික අපෙක්ෂාවන් සියයට 64 සිට සියයට 42 දක්වා අඩු වී තිබෙනවා. සමාජයේ තෘප්තිමත්භාවය සියයට 50 සිට සියයට 38 දක්වා අඩු වී තිබෙනවා. මේ කරුණු තුනෙන්ම ආණ්ඩුව විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා.
ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා. මේ සඳහා හේතු ගණනාවක් බලපා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු නොකරීම සහ ආණ්ඩුව ආර්ථිකය ගොඩනැගීමට ගන්නා උත්සාහයන් මතයි මෙවැනි ප්‍රතිඵලයක් ලැබී තිබෙන්නේ. ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහළ මට්ටමක තිබෙන බව වාර්තා කළ වෙරිටේ රිසච් ආයතනයම අද ආණ්ඩුවේ තත්ත්වය රටට ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි කිසිදු පැහැදිමක් නැහැ. රටේ ඇත්ත තත්ත්වය ජනතාවට තේරුම් ගොස් තිබෙනවා. ආණ්ඩුවට තිබෙන ජනප්රසාදයේ වැඩිවීමක් නැහැ. දිනෙන් දින ආණ්ඩුවට කෙරෙහි තිබුණ ජනප්රසාදය බිඳවැටෙමින් තිබෙනවා. ඒ වගේම ජනාධිපති අනුර දිසානායක සහභාගි වන රැස්වීම් මාලාවක් රට පුරා පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කටයුතු කරන්නේ රටේ ජනතාව නැවත මුලාවට පත් කරන්නයි. ඒ වගේම රට පුරා රැස්වීම් පැවැත්වූවාට ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒ වගේම ආණ්ඩුවේ ගෙවුණ වසර දෙක ජනතාව කිසිසේත් තෘප්තිමත් නොවුණ වසර දෙකක් බව කිව යුතුයි. ඒ වගේම අනාගත අපෙක්ෂාවන් පිළිබඳව විශ්වාස කළ නොහැකි වසර දෙකක් බවට ආණ්ඩුවේ ගෙවුණ වසර දෙක පත්වී තිබෙනවා.''

Latest News
ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
Local
25 August 2026
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026
ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Local
25 August 2026
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
25 August 2026
කල්පිටිය ජනසවිපුර වෙරළින් මුහුදු ගිය 56 හැවිරිදි පුද්ගලයෙක් ගිලී මරුට
Local
25 August 2026