General25 August 2026

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල, මාතර ඇතුළු දකුණු පළාතේ ප්‍රධාන නගර වෙත ගමන් කිරීමට පැමිණි මගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එම පරිශ්‍රය තුළ තදබදයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ගාල්ල සහ මාතර බලා ධාවනය වන අධිවේගී බස් රථ ලබා ගැනීමට පැමිණි මගීන්ගේ පෝලිම් බස් නැවතුම්පොළ පරිශ්‍රයෙන් පිටතට, කිලෝමීටරයකටත් වඩා වැඩි දුරකට ඇදී ගොස් ඇති බවයි 'හිරු' වාර්තාකරු සඳහන් කර සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes