General24 August 2026

2027 විභාග දින ප්‍රකාශයට පත් වෙයි : ශිෂ්‍යත්වය අගෝස්තු 01; උසස් පෙළ අගෝස්තු 03; සාමාන්‍ය පෙළ දෙසැම්බර් 07

2027 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. උසස් පෙළ සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2027 වසරේ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන කාලසටහන පහත පරිදි වනු ඇති.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය: 2027 අගෝස්තු 01 වන දා,

අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගය: 2027 අගෝස්තු 03 වන දා සිට අගෝස්තු 28 වන දා දක්වා,

අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) විභාගය: 2027 දෙසැම්බර් 07 වන දා සිට දෙසැම්බර් 17 වන දා දක්වා.
Related recommendation
Hiru TV News | Programmes