තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් අප්‍රේල් 07 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.
සුළු ස්වභාවයේ සිදුවීම් වෙනුවෙන් දීර්ඝ විමර්ශන පවත්වා සම්පත් වැය කිරීම වෙනුවට, වැදගත් මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද එම කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා.
තවද, ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, චෝදනා ලැබූ ඇතැම් පුද්ගලයන් අතුරුදන් වීම හෝ මියයාම හෝ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සහ විමර්ශන අංශයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක් තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව අවධාරණය කළ අතර එමෙන්ම, විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් පළාත් නවයම සහ මධ්‍යම තැපැල් හුවමාරුව ආවරණය වන පරිදි සිදු කළ වැඩ අධ්‍යයනය මත පදනම්ව ප්රශස්ත සේවක සංඛ්‍යාවක් හඳුන්වා දීමට කටයුතු කරන බව නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Latest News
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026
මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන
Local
31 August 2026
වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
31 August 2026
"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Local
31 August 2026
ඛනිජ කැණීම් බලපත්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්
Local
31 August 2026
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72කට නව පත්වීම්
Local
31 August 2026
වියළි කාළගුණය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයට ජල කප්පාදුවක්
Local
31 August 2026