General25 August 2026

ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට (26) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ඒ මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් ජාතික පාසල් ක්‍රීඩාංගණයේදීයි.

එම උත්සවය හෙට පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිත අතර ඒ ආගමික නායකයින් හා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්වයි මෙය සංවිධානය කරනු ලබන්නේ.
Related recommendation
Hiru TV News | Programmes