General26 August 2026

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද

ඉන්දියාව සමග කොළඹ SSC ක්‍රිඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි.

ඊයේ තුන්වන දිනට තරඟය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 08 ක් දැවී ලකුණු 265 ක් ලබා සිටියා.

එහිදී පසිදු සූරියබණ්ඩාර ලකුණු 80 ක් රැස් කළ අතර නොදැවී ක්‍රීඩා කරන සොනාල් දිනූෂ ලකුණු 85 ක් ලබා සිටිනවා.

ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 503 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඊයේ තරඟයට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
Related recommendation
Hiru TV News | Programmes