දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයින්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
චීන-ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරට විශේෂ නියෝජිතයින්ගේ 25වැනි සාකච්ඡා වටය ඊයේ(25) බෙයිජිංහිදී පැවැත්වුණා.
එහිදී දේශසීමා ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
චීන - ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන විශේෂ නියෝජිත විදේශ අමාත්‍ය Wang Yi එහිදී පැවසුවේ, සබඳතා යහපත් හා ස්ථාවර ලෙස වර්ධනය වීම, දෙරටේ ම ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන බවයි.
එය ගෝලීය හා උපායමාර්ගික වශයෙන් වැදගත් වන බව ද හෙතෙම අවධාරණය කළා.
සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා දෙපාර්ශ්වයම ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කළ Wang Yi , ද්විපාර්ශ්වික සබඳතා තුළ දේශසීමා ගැටලුවට නිසි අවධානය ලබා දෙමින්, පසුබෑමකින් තොරව ඉදිරියට යා යුතු බව ද සඳහන් කළා.
චීන-ඉන්දීය දේශසීමා කටයුතු සම්බන්ධයෙන් ධනාත්මක ආඛ්‍යානයක් ගොඩනගාගත යුතු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම සංවාද, සාමය, සාකච්ඡා සහ සහයෝගීතාවය ප්‍රධාන ප්‍රවණතාව බවට පත් කළ යුතු බව ද හෙතෙම අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඉන්දියාවේ විශේෂ නියෝජිත සහ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval පැවසුවේ, චීනය සමග උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමට, දේශසීමා ඵලදායී ලෙස කළමනාකරණය කරමින් දේශසීමා ගැටලුවට විසඳුම් සෙවීමටත් චීන–ඉන්දීය සබඳතා වේගවත් ලෙස වැඩිදියුණු කර සංවර්ධනය කිරීමටත් ඉන්දියාව සූදානම් බවයි.

Latest News
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
Local
27 August 2026
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026