General26 August 2026

යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අදාළ කලාප කොටස් ලබන මස 14 වැනිදා සිට ඔක්තෝබර් 15 දක්වා තාවකාලිකව වසා තැබෙන බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වියළි කාලගුණය හේතුවෙන් අධික තාපය හමුවේ වනජීවින්ගේ පැවැත්ම මෙන්ම පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෑම වසරකම මෙම පියවර ගනු ලබන බව සඳහන්.

එහෙත්, නියඟය දැඩි පීඩනයට ලක්ව නොමැති එම වනෝද්‍යානයේ සෙසු කලාප විවෘතව පවතින බව‍යි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes