International27 August 2026

නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළට

නේපාලයේ හටගත් විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත් වූවන් ගණන 157 දක්වා ඉහළ ගොස් ඇති බව බීබීසි පුවත් සේවය පවසනවා.

අතුරුදහන් වූ සංචාරකයින් අතර ඉන්දියාවෙන් 100කට වැඩි පිරිසක්, ඇමරිකා එක්සත් ජනපදයෙන් 54 දෙනෙකු, ඕස්ට්‍රේලියාවෙන් 34 දෙනෙකු, එක්සත් රාජධානියෙන් 33 දෙනෙකු සහ නේපාලයේ 100කට වැඩි පිරිසක් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රදේශය වන්දනාකරුවන් සහ පාගමන් සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය ස්ථානක්.

මෙම තත්ත්වයට හේතුව ලෙස සැලකෙන්නේ නේපාල අගනුවර වන කත්මන්ඩු නගරයට උතුරින් පිහිටි රසුවා ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුරත් සමඟ බෝටේ
කෝෂි ගඟට ඉහළ කලාපයේ හදිසි ග්ලැසියර දියවීමක් වැනි සිදුවීමක් බවයි වාර්තා වෙන්නේ.

මෙම ජල ප්‍රවාහය පහත් ප්‍රදේශ වෙත ගලා එන අතරතුර එම පහත් බිම් වෙත කිසිදු වර්ෂාපතනයක් බලපා තිබුණේද නැහැ.

නේපාල මාධ්‍ය වාර්තා කරන්නේ ටිබෙට් දේශය පාර්ශ්වයෙන් ගලා ආ ජල කඳ නේපාලයේ දිස්ත්‍රික්ක 5 ක් වනසමින් ගම්මාන රැසක්ම යටකරගෙන ගොස්
තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes