General27 August 2026

නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්

නේපාලයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක සිය කණකාටුව නේපාලය වෙත ප්‍රකාශකර තිබෙනවා.

ඒ x සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්.

ජනපති තැබූ සටහන පහතින්.

''නේපාලයේ සිදුවූ විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් පසුව සිදු වූ ශෝචනීය ජීවිත හානි පිළිබඳව දැනගැනීමට ලැබීමෙන් මා දැඩි කණගාටුවට පත් වෙමි. නේපාලයේ මුදවාගැනීමේ සහ සුන්බුන් ඉවත්කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටී. මාස 10 කට පෙර ඇතිවූ මාරාන්තික සුළි කුණාටුවෙන් තවමත් ගොඩනැගෙමින් පවතින රටක් ලෙස, අපි නේපාල ජනතාවගේ ශෝකය බෙදා හදා ගනිමු. මා සමග එක්ව ශ්‍රී ලංකාව නේපාල ජනතාව වෙත ගැඹුරු ශෝකය පළ කරනවා''
Related recommendation
Hiru TV News | Programmes