International27 August 2026

නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට

නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 177 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

1,500කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවයි නේපාල බලධාරීන් සඳහන් කර ඇත්තේ.

නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයට උතුරින් පිහිටි රාසුවා ප්‍රදේශයට ඊයේ අලුයම මෙම හදිසි ගංවතුර තත්ත්වය බලපෑ අතර, ගම්මාන රැසක් ජලයෙන් යටවී මාර්ග සහ යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුව තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, ග්ලැසියරයක් කඩා වැටීමත් සමග ඇති වූ සුන්බුන් ගලායාමක් හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මීට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.
Related recommendation
Hiru TV News | Programmes