General27 August 2026

මුනියාණ්ඩි කෝවිල් පූජාව මැද බඹර ප්‍රහාරයක් - 10 ක් රෝහලට

මස්කෙළිය, හපුගස්තැන්න තේ වතුයායේ මුනියාණ්ඩි කෝවිලේ පැවැති පූජා කටයුත්තක් අතරතුර සිදුවූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 10 දෙනෙකු තුවාල ලබා අද (27) පස්වරුවේ මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද පස්වරු 3.00 ට පමණ කෝවිල් පූජාව පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදී අසල ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව මස්කෙළිය පොලිසිය පැවසුවේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු වන අතර නේවාසිකව ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes