දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මහත් විනාශයකට පත්ව සිටින නේපාලයේ සහන සේවාවන් සක්‍රීය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක (US$ 1 Million) මුල්‍ය ආධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි මෙම මුදල නේපාලය වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ විපතට පත් ජනතාව වෙනුවෙන් සිය කනගාටුව පළ කර සිටින ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාල රජයට මෙන්ම මියගිය අයගේ ඥාතීන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහෝදරත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා, මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකාව සැමවිටම නේපාලය සමඟ පෙනී සිටින බව වැඩිදුරටත් අවධාරණය කර ඇති අතර, මෙම මූල්‍ය පරිත්‍යාගය ගංවතුරින් සහ නායයෑම්වලින් පීඩාවට පත් ජනතාවගේ හදිසි මානුෂීය සහ සහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට නියමිතයි.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛනාල් (Shisir Khanal) මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය සහ සහයෝගය පළ කර තිබෙනවා.
නේපාලයේ සහන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා තවදුරටත් සහය දැක්විය හැකි ක්‍රමවේද පිළිබඳව නේපාල රජය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් එම නිවේදනය ඔස්සේ සඳහන් කරනවා.

Latest News
අදත් කැළණිවැලියේ දුම්රිය කිහිපයක් අවලංගු වෙයි
Local
01 September 2026
ක්‍රොඒෂියාවේදී තාවිට රිදී පදක්කමක්
Local
01 September 2026
කොළඹ වරායෙන් හමුවූ මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි 1,500 ඉක්මවයි
Local
01 September 2026
කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පානදුර නිලංගගේ මස්සිනා
Local
01 September 2026
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම අද ඇරඹේ
Local
01 September 2026
අමෙරිකානු යුද ලේකම්වරයා ඉල්ලා අස්වෙයි
Local
01 September 2026
රුසියා-චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පුටින් සහ ෂී එකඟ වෙයි
Local
01 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12:10ට හිරු මුදුන් වෙයි
Local
01 September 2026
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026