General28 August 2026

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වූ දුම්රියක් පොතුහැර දුම්රිය ස්ථානයේදී මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් පොතුහැර දුම්රිය ස්ථානය පසුකර ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය ඇතුළු සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

Related recommendation
Hiru TV News | Programmes