ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 'විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන' පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ට පවතින උනන්දුව හා පැහැදිලි ලබැඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest) පවතින හේතුවෙන් එය පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නව මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පසුගිය අගෝස්තු 24 වැනි දින ඉදිරිපත් කරන ලද පෙත්සමට වැඩි යමක් ලෙසයි.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ගෙනැවිත් ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය වන බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3)(iii) ව්‍යවස්ථාව යටතේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Court) ඉදිරියේ මෙම නඩුව විමසීමට නියෝග කරන ලෙසටත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා විසින් පසුගිය අගෝස්තු 24 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත උක්ත පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව S.C. (S.D.) No: SC/SD/47/26 යටතේ ගොනු කර ඇති මෙම නව මෝසම මඟින් අධිකරණ පනතේ 49(3) වගන්තිය පෙන්වා දී තිබෙනවා.
එහි සඳහන් වන්නේ යම් විනිසුරුවරයෙකුට අදාළ කරුණක් සම්බන්ධයෙන් පෞද්ගලික උනන්දුවක් හෝ බලපෑමක් ඇත්නම්, එය වෙනත් විනිසුරුවරුන් විසින් විමසිය යුතු බවයි.
මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය සහ විශ්‍රාම යන වයස් සීමාවන් වෙනස් කිරීමට යෝජනා කර ඇති බැවින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සියලු දෙනාම මෙම කාරණය සම්බන්ධයෙන් සෘජුවම පාර්ශ්වකරුවන් බවට පත්වන බව නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඒ අනුව, පවතින ලබැඳියාවන් අතර ගැටුම්කාරී තත්ත්වය මඟහරවා ගැනීම සඳහා මෙම නඩුව ඉදිරි අගෝස්තු 31, සැප්තැම්බර් 01 හෝ 02 යන දිනවලින් එකක විවෘත අධිකරණයේදී පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Court) ඉදිරියේ සලකා බලන ලෙසට ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Latest News
කොටස් වෙළෙඳපොළ ඒකක 81.43කින් පහළට
Local
08 September 2026
ජර්මානු පර්යේෂණ ආයතනයක් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026
ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් WhatsApp වීඩියෝ තාක්ෂණයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්
Local
08 September 2026
සරණගේ අල්ලස් නඩුවකට විනිසුරු ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීමට අල්ලස් ගත්තැයි කොළඹ මහාධිකරණයේ කා.කා.ස රිමාන්ඩ්
Local
08 September 2026
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා සැලසෙන ගිවිසුම් දෙකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026
ඉන්දීය ‘INS UDAYGIRI’ යුද නෞකාව කොළඹට පැමිණෙයි
Local
08 September 2026
50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව 'Colombo Marathon - 2026' පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
මාර්ග ආරක්ෂාවට කැපවූවන් ඇගයීමට ජනාධිපති සම්මාන උළෙලක්
Local
08 September 2026
2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා සතොස අලෙවිසැල් 31ක් වහලා
Local
08 September 2026
පාස්කු නඩුවේ විත්තිකරුවන් 24දෙනාගේ ලිඛිත දේශන ගොනු කරයි
Local
08 September 2026