General29 August 2026

ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්


මෙම මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 9,699 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ජූලි මාසයේදී ඩෙංගු රෝගීන් 29,962 දෙනෙකු වාර්තා වී තිබූ අතර, ජුනි මාසයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 21,533ක්.

ඒ අනුව පසුගිය මාස දෙකට සාපේක්ෂව මේ මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරනවා.

කෙසේ වෙතත්, මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 72 දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes