ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යයට සමගාමීව නැගෙනහිර වෙරළ තීරයේ වාසය කරන මුහුදු ආදිවාසී ජනතාවගේ වාර්ෂික මීපැණි පූජාව අද (29) උදෑසන පැවැත්වුණා.
දමිළ භාෂාව භාවිත කරන මුහුදු ආදිවාසී නායක නඩරාජා කනගරත්නම් ඇතුළු පිරිස ගෞරවයෙන් රැගෙන ආ මීපැණි කලය සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ වෙත චාරිත්‍රානුකූලව භාරදීම සිදු කෙරුණා.
අනතුරුව මංගල මහා සෑය වටා ප්රදක්ෂිණා කර වන්දනා කිරීමෙන් පසු මීපැණි පූජාව සිදු කර තිබෙනවා.
මුහුදු ආදිවාසී ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි පූජා කටයුතු සිංහල සහ දමිළ භාෂා දෙකෙන්ම පැවැත්වීමටද සේරුවිල නාහිමිපාණන් වහන්සේ කටයුතු කර තිබුණා.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකරගේ උපදෙස් මත නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම අවස්ථාවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබෙනවා.
පින්කම අවසානයේ සේරුවිල නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය විසින් මුහුදු ආදිවාසී ජනතාවට පිරිත් නූල් ලබාදී සෙත් පතා ආශීර්වාද කළා.
වෙරුගල් සහ මූතූර් ඇතුළු ප්‍රදේශවල ගම්මාන 27ක් පුරා ව්‍යාප්තව සිටින මෙම ජනතාව, සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යයේදී ඔවුන්ගේ පාරම්පරික නර්තන ඉදිරිපත් කිරීමද සිදු කරනවා.
විවිධ සමාජ හා භාෂාමය හේතු මත සමාජයෙන් යම් දුරස්ථභාවයකට පත්ව සිටින මෙම ජන කොට්ඨාසය වෙනුවෙන් සේරුවිල නාහිමිපාණන් වහන්සේ නිරන්තරයෙන් මැදිහත් වෙමින් ඔවුන්ගේ ගැටලු විසඳීමට සහාය ලබාදෙන බවද සඳහන්.

Latest News
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026
පුරාවස්තු සෙවූ පහේ කල්ලිය අත්අඩංගුවට
Local
07 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
07 September 2026
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026