සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පවතින සේවක නොසන්සුන්තාව සහ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරා පැවති සේවක නොසන්සුන්තාව හේතුවෙන් අවස්ථා කිහිපයකදීම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වූ බවයි.
අගෝස්තු 25 වැනිදා සිට සේවකයින් සේවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා මෙහෙයුම් අඩාල වී ඇති අතර, අගෝස්තු 26, 27 නිවාඩු දිනවලින් පසුව අගෝස්තු 28 වැනිදා උදෑසන 10.00 වන තෙක්ම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව, නිෂ්පාදනයක් සිදු නොවන පසුබිමක වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන ආයතනික පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්මාන්තශාලාව වසා තැබීමට පාලනාධිකාරිය තීරණය කළ බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම කර්මාන්තශාලාව වසා තිබියදීත් අත්‍යවශ්‍ය කටයුතුවලට මෙන්ම සීනි අලෙවිය සඳහා පැමිණි ලොරි රථවලට බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් මාර්ගවලටද බලපෑම් එල්ල වී ඇති බව සභාපතිවරයා සඳහන් කරනවා.
ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යුහය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින අතර, කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වන බවද සඳහන් කරන සභාපතිවරයා, පවතින වෘත්තීය ක්‍රියාමාර්ගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවද අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත් එම නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.
සෙවනගල කර්මාන්තශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ සේවකයින්ගේ රැකියා සමඟ සෘජුව බැඳී පවතින බැවින්, කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් මිදී වහාම සේවයට වාර්තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට එක්වන ලෙසත් සභාපතිවරයා සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ආරම්භ කිරීමට ජනපතිගෙන් උපදෙස්
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්
Local
30 August 2026
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
Local
30 August 2026