කටාන පොලිස් වසමේදී සිදුවූ ඝාතනයකට අදාලව සැකකරුවන් තිදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් ඊයේ (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
කටාන පොලිස් වසමේදී ඉකුත් (28) වැනිදා පුද්ගලයෙකුට පහරදී සිදු කරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් කළ විමර්ශනයට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ අපරාධය සිදු කළ ප්‍රධාන සැකකරු සහ එයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දළුවකොටුව, ෆාතිමාවත්ත සහ කුරණ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන කටාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 47 සහ 49 යන වයස්වල පසුවන, කදිරාන, ඒත්තුකාල සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
Latest News
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක් - යුද ගුවන් යානා රැසකට හානි
Local
10 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
Local
10 September 2026
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
Local
10 September 2026
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026