General30 August 2026

මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ

මහනුවර ඇසළ පූජෝත්සවය හා බැඳුණු අවසන් පුරාණ චාරිත්‍රයක් වන වලියක් නැටුම හෙවත් හත්දා වලියකුම ඊයේ (29) රාත්‍රියේ ඓතිහාසික මහනුවර ශ්‍රී විෂ්ණු දේවාල පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.

මෙය උඩරට නර්තන සම්ප්‍රදායට අයත් පැරණි ශාන්තිකර්මයක් ලෙස සැලකෙනවා.

මහනුවර ඇසළ පෙරහැර අවසන් වීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව දින හතක් පුරා මෙම චාරිත්‍රය පැවැත්වෙන අතර, පෙරහැරට සම්බන්ධ වූ නිලධාරීන්, නර්තන ශිල්පීන්, කලාකරුවන්, අලි ඇතුන් ඇතුළු සියලු දෙනාට සෙත් පැතීම සහ වස් දොස් දුරු කිරීම එහි ප්‍රධාන අරමුණක්.

සාමාන්‍ය ශාන්තිකර්මයකට වඩා මහනුවර ඇසළ පෙරහැර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ පාරම්පරික චාරිත්‍ර සමඟ සමීපව බැඳුණු සුවිශේෂී සංස්කෘතික අංගයක් ලෙසයි මෙය සැලකෙන්නේ.

ඊයේ (29) රාත්‍රියේ ආරම්භ වූ මෙම ශාන්තිකර්මය මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ සඳහා නාථ, කතරගම සහ පත්තිනි දේවාලවල බස්නායක නිලමේවරුන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක්ද එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes