වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ අභිරහසක් ලෙස නොවිසඳී තිබූ ප්‍රකට රැප් ගායක ටූපැක් ෂාකූර්ගේ (Tupac Shakur) ඝාතන නඩුවේ පළමු වරදකරු බවට කල්ලි නායක ඩුආන් "කීෆි ඩී" ඩේවිස් (Duane "Keffe D" Davis) නම් කර තිබෙනවා.
1996 සැප්තැම්බර් 7 වන දින ලෑස් වේගාස් නගරයේදී මෝටර් රථයක සිට සිදුකළ වෙඩි තැබීමෙන් ටූපැක් ෂාකූර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් 63 හැවිරිදි ඩේවිස්, අදාළ චෝදනාවට වරදකරු බවයි ලෑස් වේගාස් ජූරි සභාව විසින් ඊයේ (31) ප්‍රකාශයට පත් කළේ.
අධිකරණයේදී කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි 63 හැවිරිදි ඩේවිස්, තීන්දුව ප්‍රකාශයට පත් කරන විට අධිකරණය හමුවේ නිශ්ශබ්දව සිටි අතර, පසුව තමා මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවයි පවසා සිටියේ.
තීන්දුව ඇසීමත් සමඟ අධිකරණ ශාලාවේ සිටි ටූපැක්ගේ සහෝදරිය ඇතුළු ඥාතීන් එකිනෙකා වැළඳගනිමින් හඬා වැටුණු අතර, අධිකරණයෙන් පිටත රැස්ව සිටි ටූපැක්ගේ දැඩි රසිකයෝ ප්‍රීති ඝෝෂා පැවැත් වූ බවයි බීබීසි පුවත් සේවය වාර්තා කරන්නේ.
ඝාතනය වන විට 25 වන වියෙහි පසුවූ ටූපැක් ෂාකූර්, ලොව පුරා ඇල්බම මිලියන 75 කට වඩා අලෙවි කර තිබූ හිප්-හොප් ක්ෂේත්රයේ දැවැන්තයෙක්.
නඩු විභාගයේදී පැමිණිල්ල පෙන්වා දුන්නේ ‘සවුත් සයිඩ් කොම්ප්ටන් ක්‍රිප්ස්’ වීදි කල්ලියේ හිටපු නායකයා වූ ඩේවිස්, සෘජුවම වෙඩි තැබීම සිදු නොකළද, මෙම ඝාතනය සැලසුම් කර අණදුන්නේ සහ ගිනිඅවිය සැපයූවේ ඔහු බවයි.
ඩේවිස්ගේ බෑණනුවන් වන ඕලැන්ඩෝ ඇන්ඩර්සන් සහ ටූපැක් අතර එදින රාත්‍රියේ ඇතිවූ ගැටුමකට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම මෙහෙයවා තිබූ බවයි වාර්තා වෙන්නේ.
මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිය බවට පත්වූයේ ඩේවිස් විසින්ම වරින් වර සිදුකර තිබූ ප්රකාශයන්ය.
වෙඩි තැබීම සිදු වූ රථය තුළ තමා සිටි බව 2008 දී පොලිසියට ලබාදුන් රහසිගත සාක්ෂියකදී සහ 2019 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කළ Compton Street Legend නම් ස්වයංචරිතාපදාන ග්‍රන්ථයේ මෙන්ම පොඩ්කාස්ට් සම්මුඛ සාකච්ඡාවලදී ද ඔහු ප්‍රසිද්ධියේ පිළිගෙන තිබුණා.
විත්ති පාර්ශවයේ නීතිඥ මයිකල් සැන්ෆ්ට් තර්ක කළේ තම සේවාදායකයා පොත් විකිණීමේ සහ මුදල් සෙවීමේ අරමුණින් මෙම කථා ගොතා පවසා ඇති බවයි.
කෙසේ වෙතත්, පැය 3 කට ආසන්න කෙටි කාලයක් ඇතුළත ජූරි සභාව ඩේවිස් වරදකරු බවට ඒකමතික තීරණයකට එළඹුණා.
ක්ලාක් කවුන්ටි දිස්ත්‍රික් උසාවි විනිසුරු කාර්ලි කියර්නි විසින් ඩුආන් ඩේවිස් සඳහා වන දඬුවම් නියම කිරීම ලබන ඔක්තෝබර් 13 වනදාට නියම කර ඇති අතර නැවාඩා ප්‍රාන්ත නීතියට අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමේ ඉහළ හැකියාවක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
කෝටියක අඟරු චෙක්පත් වංචාවකට වරද පිළිගත් අයකුට දඬුවම් සඳහා දින නියම වෙයි
Local
15 September 2026
රු. කෝටි 500 අයිස් වැටලීමේ උපායදූතයා ඝාතනයට සැලසුම් කළ 'මධුවා' ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
15 September 2026
මොරගහකන්ද සහ කළුගඟ ජලාශ පතුලට බැසීම අවදානම්
Local
15 September 2026
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාව වැඩිදියුණු කිරීමට UNDP ආධාර
Local
15 September 2026
22 ගැන අධිකරණයේ රහස් තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද? - විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි
Local
15 September 2026
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
15 September 2026
මීසාලේ ජල පිරිපහදු ආයතනයෙන් ලක්ෂ 13කට අධික කේබල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Local
15 September 2026
පාස්කු සිද්ධියට හිටපු බුද්ධි නිලධාරියකුගේ විදෙස් ගමන් තහනම්
Local
15 September 2026
දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.2%ක්
Local
15 September 2026
වරාය නගරයේ ඩොලර් මිලියන 112ක ව්‍යාපෘතියක්
Local
15 September 2026