General01 September 2026

හෙටත් දිස්ත්‍රික්ක 9ක් උණුසුම්

උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල මෙන්ම මොණරාගල දිස්ත්‍රික්ක සඳහා හෙට (02) දිනයේදී උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මේ අතර, හෙට බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes