ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) රාත්රියේදීයි අභාවප්‍රාප්ත වී ඇත්තේ.
මියයන විට ඔහු 64 හැවිරිදි වියේ පසුවුණා.
ප්‍රියංකර පෙරේරා නැසී ගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, ගායන ශිල්පී චලක චමුපතිගේ සහෝදරයා ද වනවා.
මෙරට සංගීත ක්ෂේත්රයේ, විශේෂයෙන්ම කැසට් යුගයේ සහ 80 - 90 දශකවල අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ ගායන ශිල්පියෙකු ලෙසයි ඔහු ජනප්‍රියත්වයට පත් වන්නේ.
පිය උරුමයෙන් ලද ගීත සිය මියුරු හඬින් සංගීත ලෝලීන්ට දායාද කළ ඔහු තවත් ගීත රැසකින් ශ්‍රාවක හදවත් පිනවූ ගායන ශිල්පියෙක්.
එම ගීත අතර රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ, සිහින දෙව්දුවේ, පිස්සු විකාරේ, අගාධ සාගරයේ, සමාන වී ඉපදී දිවි තලාවේ සහ පෙර ආත්මයක එක රාත්‍රියක වැනි ගීත වනවා.
ඔහුගේ දේහය අද (02) කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි ඔහුගේ බිරිද වන ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක සඳහන් කළේ.

Latest News
ආදරේ නාමයෙන් දුන් කෝටි 10, විරහවේ නාමයෙන් 'ණය' වෙලා : පෙම්වතා නඩු ගිහින් නාගනී
Local
11 September 2026
තෙල් පෝලිමේ බහින්බස්වීමක් දුරදිග යයි - සිව්දෙනකු රෝහලේ
Local
11 September 2026
ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36 දී මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි
Local
11 September 2026
පළාත් සභා මැතිවරණ විශේෂ කාරක සභාවෙන් ඉවත් වීමට විපක්ෂය තීරණය කරයි
Local
11 September 2026
සැප්තැම්බර් 11 'දේශප්‍රේමීන්ගේ දිනය' ලෙස ජනපති ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරයි
Local
11 September 2026
හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
Local
11 September 2026
ජීව අත්බෝම්බ නඩුවේ සැකකාර සම්පත් මනම්පේරීට ඇප
Local
11 September 2026
චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය බෙයිජිං නුවරදී
Local
11 September 2026
Ocean Lanka වසර 30ක් සපුරයි
Local
11 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 25.00කින් ඉහළට
Local
11 September 2026