වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ සිදු කෙරුණා.
"ක්ලීන් ශ්‍රී ලංකා"වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, දුම්රිය දෙපාර්තමේන්තුව සමග වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මහජන බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙනවා.
3 Beam detection, Passive infrared ( PIR ) සංවේදක, ස්වයංක්‍රීය උෂ්ණත්ව සංවේදක සහ කිලෝ ග්‍රෑම් 20ට වැඩි සතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම හඳුනා ගැනීම සහ අනවසර බලපෑම් හඳුනාගන්නා (Temper alarm ) පද්ධතියකින් මෙය සමන්විතයි.
දුම්රිය මාර්ග දෙපස සවි කරන සංඥා ලාම්පු මෙන්ම, දුම්රිය එන්ජින් මැදිරිය තුළ ස්ථාපනය කෙරෙන විශේෂ තිරයක් මගින් අලියා සිටින නිශ්චිත ස්ථානය රියැදුරු වෙත කල්තබා සන්නිවේදනය කරන බව සඳහන්.
පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ අදාළ නිලධාරීන් ඉදිරියේ මෙම පද්ධතියේ ආදර්ශ පරීක්ෂණය සාර්ථකව සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකසා තිබෙනවා.
මෙම ක්‍රියාවලිය වනඅලි අනතුරු බහුලව සිදුවන ස්ථාන 13කදී නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන මස සිට ක්‍රියාත්මක කෙරෙන අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය සජීවීව දැකබලා ගැනීම සඳහා අලුතින්ම නිර්මාණය කළ වෙබ් අඩවියද දියත් කිරීමට නියමිතයි.
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී පී.ඩී.එස්. බී. චන්ද්‍රසේන, වනජීවි අධ්යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ, වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර, මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ ඇතුළු පිරිස විසින් අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.
ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහුද, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහජන බැංකුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News
සරණගේ අල්ලස් නඩුවකට විනිසුරු ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීමට අල්ලස් ගත්තැයි කොළඹ මහාධිකරණයේ කා.කා.ස රිමාන්ඩ්
Local
08 September 2026
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා සැලසෙන ගිවිසුම් දෙකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026
ඉන්දීය ‘INS UDAYGIRI’ යුද නෞකාව කොළඹට පැමිණෙයි
Local
08 September 2026
50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව 'Colombo Marathon - 2026' පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
මාර්ග ආරක්ෂාවට කැපවූවන් ඇගයීමට ජනාධිපති සම්මාන උළෙලක්
Local
08 September 2026
2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා සතොස අලෙවිසැල් 31ක් වහලා
Local
08 September 2026
පාස්කු නඩුවේ විත්තිකරුවන් 24දෙනාගේ ලිඛිත දේශන ගොනු කරයි
Local
08 September 2026
දිට්වා පීඩාවට පත් ව්‍යාපාර සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රම දෙකක්
Local
08 September 2026
රාජ්‍ය ආයතන තුළ ‘ඩිජිටල් සංවර්ධන ඒකක’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
Local
08 September 2026