General03 September 2026

දූෂණ විරෝධී සංශෝධන පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා.

මෙම පෙත්සම් අද ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලබනවා.

අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 14 ක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ආණ්ඩුකම් ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්තිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

ඊට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද මෙම පනත් කෙටුම්පත හරහා කප්පාදු වන බවත් පෙත්සම්වල සඳහන් වෙනවා.

ඒ අනුව අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට වීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එය අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණය ඉල්ලා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes