General03 September 2026

බටුවත්තේ චාමරගේ ලක්ෂ 400ක් වටිනා තෙමහල් නිවසක් ඇතුලු දේපළ තහනම් කරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ජරුවෙකු ලෙස සැලකෙන රැඳවුම් නියෝග මත සිටි මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමර නමැත්තාගේ සුඛෝපභෝගී වාහනයක් සහ ලක්ෂ 400ක තෙමහල් නිවසක් ඇතුලු දේපළ තහනම් කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය අද (3) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සාමාන්‍යයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම සැකකරු සංවිධානාත්මකව කරන ලද අපරාධවලින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මෙලෙස මුදල් වංචා කළ ඇති බවයි
Related recommendation
Hiru TV News | Programmes