ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකයන් දෙදෙනකුට අයත් සමාගම් කොටස් විකිණීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ අද (3) නියෝග කළා.
සාක්ෂි විභාගය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරිය මෙලෙස ලිඛිත දේශන සඳහා අද (03) දින නියම කළා.
1996 සැප්තැම්බර් මස 26 වන දින සහ 1997 සැප්තැම්බර් මස 25 අතර කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව චෝදනා හතරක් යටතේ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩ මහතා පෙනී සිටියා.
ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුලු නීතිඥ මණ්ඩලයක් විත්තිය වෙනුවෙන් පිටින් සිටියා.
විත්තිකාර උදය ගම්මන්පිලද අධිකරණය හමුවේ පෙනී සිටියා.

Latest News
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක් - යුද ගුවන් යානා රැසකට හානි
Local
10 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
Local
10 September 2026
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
Local
10 September 2026
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026