General03 September 2026

2027 වසරේ 6 ශ්‍රේණියට පාසල් ලබාදීමට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවයි

2026 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2027 වසරේ 6 ශ්‍රේණිය සඳහා සිසුන්ට පාසල් ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, පාසල් ලබාදීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදුහල්පතිවරුන් මගින් අයදුම්පත් කැඳවීමට නියමිතයි.

අදාළ අයදුම්පත් කැඳවන දින වකවානු සහ ඊට අදාළ උපදෙස් ඉදිරියේදී නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes