General04 September 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේදී දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ විස්තීර්ණ අරමුදල් පහසුකම සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

එම පිරිස එළැඹෙන 10 වැනිදා සිට 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිත බවයි IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ සඳහන්කර සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes