හිටපු අමාත්‍යජොන්ස්ටන් ප්රනාන්දුඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවටගනු ලැබුවා. ඒ, සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ එම කොමිසමට පැමිණි අවස්ථාවේදීයි.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල වෙනුවෙන් පුටු මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව රුපියල් හැත්තෑ නව ලක්ෂ63,114 ක් මධ්‍යම ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට පාඩු කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබූ අතර ඒ සඳහා පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගනුලැබුවා.
අදාළ ආයතනයට පුටු ලබාගැනීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව ඉදිරිපත්වු ආයතනයෙන් මිල දී නොගෙන වෙනත් ආයතනයකින් පුටු මිලදී ගැනීම තුලින් දූෂණය නමැති වරද සිදුකර ඇති බවටයි හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ලවී ඇත්තේ .
එමෙන්ම පුටු මිලදී ගත් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන හේමන්ත ලලිත් ද සිල්වා නැමති පුද්ගලයෙක් ද අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.
Latest News
හූති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගනී
පාකිස්ථානයෙන් ආ මත්ද්‍රව්‍ය තොගයේ විමර්ශන ගැටලු ගැන සෙවීමට පරීක්ෂණයක්
කංජිපානිගේ ඥාති සහෝදරයකුට කොටහේනේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු දැලේ
බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
“පරක්කු වෙන්න කළින් නැවත ගෙදර යන්න” - ඉරානයේ ඊබ්‍රාහිම් අසීසිගෙන් අමෙරිකානු හමුදාවට අනතුරු ඇඟවීමක්
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මුදල් විදේශයන්ට යැවීමේ තවත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි
කටාර් රාජ්‍යයෙන් තෑගි ලැබුණු ට්‍රම්ප්ගේ ‘එයාර් ෆෝස් වන්’ යානයේ ලිස්සුම් මග හදිසියේ දිගහැරෙයි
22 වැනි ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් 24 සහ 25 විවාදයට
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි
පේදුරුතුඩුවේදී තියුණු ආයුධවලින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට