මැර කණ්ඩායම්වල වෙඩි තැබීම් නිසා දින දෙක තුනකට වරක් ජනතාවගේ ජීවිත අහිමි වන අතරම, ආණ්ඩුව ගෙන එන ක්‍රියාමාර්ග නිසා රටේ ප්රජාතන්ත්රවාදය, ස්වාධීන අධිකරණය සහ නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම විනාශ වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු, මේ බව කියා සිටියේ අද (04) හම්බන්තොට, තිස්සමහාරාමය කෝංවැලාන ප්‍රදේශයේ පැවැති ගොවි ගැටලු සොයා බැලීමේ ජන හමුවක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ආණ්ඩුව 22 වැනි සංශෝධනය ඉදිරිපත් කරමින් රටේ නිදහස් අධිකරණයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට දැඩි පහරක් එල්ල කර ඇති බවයි.
ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් ඔහු, විදුලි බිල සහ තෙල් මිල අඩු කරන බවට වූ පොරොන්දු කඩ කර ඇති බවද සඳහන් කළා.
එමෙන්ම මැතිවරණ සමයේදී 'අස්වැසුම' සහනාධාරය වැඩි කරන බවට ප්‍රකාශ කළද, වත්මන් පාලනය යටතේ අස්වැසුම කපා හරිමින් දුප්පත්කම තුරන් කිරීමට කිසිදු විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක නොකරන බවද මෙහිදී පැවසුවා.
පොහොර සහ බීජ මිල ඉහළ යාම, අලි-මිනිස් ගැටුම වැනි ගැටලු රැසකට ගොවීන් මුහුණ දී සිටින බවත්, වී සඳහා ලබා දෙන බවට වූ රුපියල් 150ක සහතික මිල ලබා නොදී ගොවියා අන්ත අසරණ කර ඇති බවටත් විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළා.
එසේම, අධික බදු බර හේතුවෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කඩා වැටී ඇති අතර පරාටේ නීතිය වැනි පියවර නිසා ව්‍යාපාරිකයන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දුන් අතර, ජනතාව මුලා කර බලය ලබාගත් පාලනයට එරෙහිව, ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරමුණ ගැනීමට තමන් සූදානම් බවද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

Latest News
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026
පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
Local
09 September 2026
2026 - 27 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කෙරේ
Local
09 September 2026
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්‍රකාශ 2,200ක්
Local
09 September 2026
ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
Local
09 September 2026
දිවයිනට රැගෙන ආ කොණ්ඩ රංජි අත්අඩංගුවට
Local
09 September 2026
ඩුබායි සිට පිටුවහල් කළ 'කොණ්ඩ රංජි' අද දිවයිනට
Local
09 September 2026
ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
අමෙරිකා - ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට
Local
09 September 2026