අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුද්ගලික සමාගමක හිමිකරුවකු වන හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
ඒ සැකකරුවන් රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.
පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ඒවා මිලදී නොගෙන ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගම නමැති ආයතනයෙන් ඒවා මිලදී ගැනීමට කටයුතු සැලසීම තුළින් රජයට රුපියල් 7,973,114.50 ක් පාඩු සිදු කර දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට මෙම සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Latest News
කථානායකවරයාට එරෙහිව දයාසිරි ජයසේකරගෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්
Local
13 September 2026
ඩීසල් මිල වැඩි කිරීමේ සූදානමක් ගැන වෘත්තීය සමිතිවලින් අනාවරණක්
Local
13 September 2026
මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජන සටන අනුරාධපුරයෙන් ඇරඹුවා: හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
Local
13 September 2026
පොල් අස්වැන්නේ අඩුවීමක්
Local
13 September 2026
සුනඛයින් ලියාපදිංචිය අනිවාර්යයි – ලියාපදිංචි නොකළොත් දඩ
Local
13 September 2026
අඟුලානේදී අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩගැනීමේ සංකීර්ණ මෙහෙයුම අවසන්: නැව් තටාකාංගනය වෙත රැගෙන එයි
Local
13 September 2026
මීමුරේදී හීං ගඟේ ගිලී සාමනේර හිමිනමක් අපවත් වෙති
Local
13 September 2026
බ්‍රික්ස් නායකයින්ගෙන් ලෝකයට පණිවුඩයක් – මැද පෙරදිග උණුසුම ගැනත් දැඩි අවධානයක්
Local
13 September 2026
හෙටත් ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්
Local
13 September 2026
ඩොලර් බිලියනයක් රටින් පන්නපු යුගය ඉවරයි: ජනාධිපති අනුර
Local
13 September 2026