ටින් කළ මාළු වර්ග කිහිපයක් සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ටූනා, මැකරල් සහ ජැක් මැකරල් සඳහා මෙම නව උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබෙනවා.
ටූනා ටින් එකක ශුද්ධ බර ග්‍රෑම් 155ක් සහ දියර රහිත බර ග්‍රෑම් 105ක් හෝ ඊට වැඩි නම් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස නියම කර ඇති අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක් සහ දියර රහිත බර ග්‍රෑම් 280ක් හෝ ඊට වැඩි ටින් එකක මිල රුපියල් 510ක් ලෙස නියම කර තිබෙනවා.
මැකරල් ටින් එකක ශුද්ධ බර ග්‍රෑම් 155ක් සහ දියර රහිත බර ග්‍රෑම් 105ක් හෝ ඊට වැඩි නම් උපරිම සිල්ලර මිල රුපියල් 240ක් වන අතර, ග්‍රෑම් 425ක ටින් එකක් සඳහා උපරිම මිල රුපියල් 540ක් ලෙස නියම කර තිබෙනවා.
ජැක් මැකරල් ටින් එකක ශුද්ධ බර ග්‍රෑම් 155ක් සහ දියර රහිත බර ග්‍රෑම් 105ක් හෝ ඊට වැඩි නම් උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වන අතර, ග්‍රෑම් 425ක ටින් එකක් සඳහා එම මිල රුපියල් 600ක් ලෙස නියම කර තිබෙනවා.
මෙම මිල ගණන්වලට වඩා වැඩි මිලකට අදාළ ටින් කළ මාළු වර්ග අලෙවි කිරීම, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙනවා.
නව නියෝගය සැප්තැම්බර් 05 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, 2025 නොවැම්බර් 14 වැනිදා නිකුත් කළ මීට පෙර පැවති නියෝගයද මෙම නියෝගය මගින් පරිච්ඡින්න කර තිබෙනවා.
Latest News
ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
09 September 2026
නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග
Local
09 September 2026
දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව Spera එළිදක්වයි
Local
09 September 2026
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථන දත්ත ලබා ගැනීමට ඇපල් සමාගමට දැනුම් දී ඇතැයි සී.අයි.ඩී.ය අධිකරණයට දන්වයි
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුවට මාස හයකින් විසඳුම්: අලුතින් ලියාපදිංචි කරන වාහනවලට දින 7කින් අංක තහඩු
Local
09 September 2026
කුළුගෙඩියෙන් ගසා පිළිස්සූ සිරුර ප්‍රපාතයකට විසි කරලා: බව්ලානේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි
Local
09 September 2026
දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
Local
09 September 2026
අස්වැසුම මුදල් වංචාවකට ගුරුවරුන් 6කගේ වැඩ තහනම් කෙරේ
Local
09 September 2026
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026